පස් කන්දක් කඩා වැටී එක් දරු මවක් බිලි ගනියි.

By Sithumi Nov 27, 2021 02:45 PM GMT
Sithumi

Sithumi

Report

මධ්‍යම කඳුකරයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී  නිවසේ කාමරයක නිදා සිටි 56 හැවිරිදි එක් දරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඇයගේ නව හැවිරිදි දියණිය තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 

 නිවසට යාව පිහිටි පස් කන්දක් නිවස මතට කඩා වැටී ඇතිඅතර එම අවස්ථාවේ කාමරයයේ නිදා 56 හැවිරිදි මව සහ ඇයගේ නව හැවිරිදි දියණිය යට වී ඇති අතර ප්‍රදේශවාසින් එක්ව ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇතත් මව ඒ වන විටත් ජීවිතක්ෂයට පත් ව තිබේ. 

 මෙම නාය යෑමෙන් ඩී.ඩබ්ලිව් චන්ද්‍රා ප්‍රේමලතා යන 56 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය සමඟම නිසා සිටි  ඇයගේ හැවිරිදි දියණිය  තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ අතර ඇයගේ තත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery