ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට විශේෂ කොන්ත්‍රාත්තුවක්

Report

ඉන්දියාවේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ වන බවයි.

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

ඉන්දියාවේ අන්දමන් දූපතේ පෝර්ට් බ්ලෙයාර්හි හෝප් ටවුන් ප්‍රදේශයේ මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත අතර, ස්වාභාවික වායුව භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation Limited සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited විසින් මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබේ.

බලන් ඉද්දි උඩ යන තිරිඟු පිටි මිල - ආයේ පාන් බනිස් කන ආසාවත් අතහරින්න වෙයි වගේ

බලන් ඉද්දි උඩ යන තිරිඟු පිටි මිල - ආයේ පාන් බනිස් කන ආසාවත් අතහරින්න වෙයි වගේ

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියකින් අනතුරුව අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු ලෙස ලක්දනවි සමාගම තෝරාගෙන ඇති අතර, පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ නොයිඩාහි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම විදුලි බලාගාරය ඉදිකිරීමේ ඉංජිනේරු කටයුතු ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම වෙත පැවරී ඇති අතර, විදුලි උත්පාදන උපකරණ සැපයීමට ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම එක්වීමට නියමිතය.

අදාළ ව්‍යාපෘතිය මඟින් අන්දමන් දූපතේ විදුලිබල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ එම කලාපයේ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.

මෙම කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමත් සමඟ ලක්දනවි සමාගම ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පළමු වරට පිවිසෙන අතර, මේ සම්බන්ධයෙන් LTL සමූහයේ කළමනාකාරීත්වය හමුවූ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉන්දියාව වැනි තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම පිළිබඳව රජයේ සතුට පළ කර තිබේ.