බලන් ඉද්දි උඩ යන තිරිඟු පිටි මිල - ආයේ පාන් බනිස් කන ආසාවත් අතහරින්න වෙයි වගේ
මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වන ආකාරයට මෙම වර්ෂයේ (2026) මාර්තු මස සිට අගෝස්තු මස දක්වා වූ මාස හයක කාලයේ දී තිරිඟු මිල සියයට 22.7කින් ඉහළ ගොස් ඇත.
මෙම මිල ඉහළ යෑමට හේතුව ලෙස වාර්තාව සඳහන් කරන්නේ කළු මුහුද හරහා සිදු කෙරෙන ධාන්‍ය ප්‍රවාහනයට ඇතිවූ බාධාවන් සහ යුරෝපයේ ඇතිවූ තාප තරංගවල බලපෑම නිසා තිරිඟු මිල ඉහළ යෑමට හේතු වූ බවයි.
රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ
මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ බලශක්ති හා ආහාර මිල ගණන් තවදුරටත් ඉහළයෑම මගින් විශේෂයෙන්ම වඩාත් අවදානමකට ලක්විය හැකි අඩු ආදායම්ලාභීපවුල්වල ආර්ථික දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි.
