කොහු කර්මාන්ත ශාලාවක් හදිසියේ ගිනි ගනී - දිවුලපිටියේ ගින්න නිවන්න රථ 4ක් යොදවයි
By Malith Madushan
දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද (15) ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොමු කිරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ගම්පහ ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ තුනක් සහ මීගමුව ගිනි නිවීමේ ඒකකයෙන් එක් ගිනි නිවීමේ රථයක් මෙහෙයුම සඳහා යොමු කර තිබෙනවා.
මේ වන විට ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවූ හානිය පිළිබඳව ද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.