මේ සතියෙ ඉතාමත් කල්පනාකාරීව වැඩකළ යුතු සතියක්..මේෂ,මිථුන,කටක,කන්‍යා,කුම්භ සහ මීන ලග්න වලට අයට රතු එළියක්.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 20, 2024 11:37 PM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

මෙම සතිය තරමක් කේන්තිය පාලනය කරගත යුතු කාලයක් වනු ඇත. අනපේක්ෂිත ගමන් බිමන් ඇතිවනු ඇත. වියදම් වැඩිවන කරුණු ගෙන දේ. කරන කියන දේ සාර්ථක කර ගැනීමට නිතර ආගම දහමට නැඹුරුවීම වැදගත් වෙයි. නෑදෑ හිත මිතුරන් අමනාපවීම් වලට හේතු වෙයි. ඔබ විදේශගත වී සිටිනවා නම් ඉතා කල්පනාකාරීව සිටින්න.

නැති වැරදිවලට ඔබට දඬුවම් විඳීමට සිදුවන කාලයක් වනු ඇත. සති මැද වනවිට තම ඥාති අයකුගේ දුක් ගැනවිල්ලක් ඇසීමට සිදුවේ.

කරන කියන දෙයින් මානසික පීඩා ඇතිවීමට හේතුයි. සති අග වනවිට රැකී රක්ෂා බාධා ඉවත් වෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. අධ්‍යාපනය සිදුකරන දරුවන්ට මෙම සතියේ යහපත් නොවෙනු ඇත.

🔴 වෘෂභ ලග්නය

කරන කියන දේ ප්‍රයෝජනයක් ඇති දෙයක් වෙයි. කරන කියන දේයින් ලාභ ලබාගත හැකි කාලයක් වෙයි. ව්‍යාපාරවලට ශුභ වනු ඇත. රූපලාවණ්‍ය කටයුතුවලට යහපත්ය. කරන කියන රැකී රක්ෂාවේ උසස්වීම් පෙන්නුම් කරනු ඇත. නිවසේ අලුත් වැඩියාවන්වලට හේතු වාසනාවේ.

දූ දරුවන්ගේ දියුණුව ඇතිවේ. මතක ශක්තිය වැඩිවේ. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් වනු ඇත. විවාහ වියයුතු වයසේ නම් විවාහයට පත්වීමට යෝජනා පැමිණෙන අතර මංගල කාලයක් ලෙස මෙම සතිය හැඳින්විය හැකිය.

නිදන්ගත රෝග තිබේ නම් ප්‍රවේශන්වීම යහපත් වේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන සිතීම යහපති. වෘෂභ ලග්න හිමි ඔබට මෙම සතිය ශුභ අශුභ ප්‍රතිඵල මිශ්‍රව ලැබේ. කරන කියන දේ බුද්ධිමත්ව සිදු කිරීමෙන් ජය ගත හැක.

ප්‍රීතිය පිණිස කටයුතු ඉෂ්ට සිද්ධ වන කාලයක් ලෙස ගැනීමට පුළුවන. දේපළ සම්බන්ධයෙන් නීතිමය මාර්ගවලට පැමිණෙන කාලයක් වේ. මනස නිරවුල් වීමට ආගම දහමට නැඹුරු වීම යහපති.

🔴 මිථුන ලග්නය

ඔබගේ ගෘහයට අනවශ්‍ය ගැටලුකාරි තත්ත්වයන් මතුවිය හැක. දරුවන්ගේ ගැටලු වෙනුවෙන් මහන්සි වන කාලයකි. කරන කියන දේ සඵල නොවන කාලයක් වනු ඇත. අධිරුධිර පීඩනය මෙන්ම සෙම් රෝගවලට හේතු වෙයි.

ගන්නා ආහාර පානවලින් ප්‍රවේශම් වන්න. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. කරන කියන වැඩකටයුතු වලට ද දෛනික කටයුතුවලට ද බාධා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

ව්‍යාපාරයන් සිදු කරන්නන් හට තරමක අලාභයක් සිදුවීමට ඉඩ පවතී. අධ්‍යාපනය සිදුකරන දූ දරුවන් මෙම කාලයේ තරම කම්මැළිකම රජ කරවනු ඇත.

නව අදහස් ඇති වුවත් එය ක්‍රියාත්මක කිරීම මඳකට ප්‍රමාද කිරීම යහපත් වේ. මෙම සතිය ඔබට වෙනදාට වඩා ප්‍රවේශම් විය යුතුය. හදිසි තුවාල වීම් පෙන්නුම් කරනු ඇත. අන් අයගේ විශ්වාසය යහපත් නොවන සතියකි.

🔴 කටක ලග්නය

නිතර වියදම් වන කරුණු ගෙන දේ. ශරීර සෞඛ්‍යයට ද යහපත් නොවනු ඇත. කරන කියන දේ තේරුමකින් තොරවන සතියක් වේ. නිවස හෝ තම ව්‍යාපාර අලුත්වැඩියාවකට හේතු වේ නම් මඳකට නතර කිරීම යහපති.

තමා රැවටීමට ඉඩ පවතින කාලයකි. කරන කියන දේ පාඩු ඇතිවේ. මූල්‍යම ගනුදෙනුවලින් වළකින්න. නැති නෑදෑයෝ ඇතිවන, ඇති නෑදෑයෝ නැතිවන කාලයකි. ඔබේ මනසට පීඩා ඇතිවන සතියකි. මානසික ආතතිය වැඩිවේ.

නිතර ආගම දහමට නැඹුරු වන්න. පිනට දහමට ළැදිව කටයුතු කරන්න. නව මිත්‍ර සම්බන්ධකම් යහපත් නොවනු ඇත. වෙනදාට වඩා තීරණ ගැනීමේදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න.

🔴 සිංහ ලග්නය

ව්‍යාපාරවලට සුබ වනු ඇත. ස්වයං ව්‍යාපාරවලින් දියුණුව ලබයි. කරන කියන දේ තම දියුණුව උදෙසාමයි. උසස් අය ආශ්‍රයට ඉඩ ලැබේ.

ඔබේ දියුණුව ගැන සිතන හිතැති අය ඔබට හමුවේ. වෙනදාට වඩා ගෘහය ගැන සිතන කාලයක්වේ. දූ දරුවන්ගේ දියුණුව දකියි. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවේ නම් ඉතා ශුභවේ.

කරන කියන රැකී රක්ෂාවලට ද බාධා ඉවත් වී කරන කියන කටයුතු සාර්ථක කරගත හැකි සතියක්වේ. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන සතියකි.

ගෙදරදොර වුව ද සමාජයේ ද කැපීපෙනෙන චරිතයක් වනු ඇත. සිංහ ලග්න හිමි ඔබට මෙම සතිය ඉතා යහපත් සතියකි.

🔴 කන්‍යා ලග්නය

මෙම සතිය, කට වචනය ප්‍රවේශම් කරගත යුතු සතියක් වේ. සිත් රිදීම්වලට හේතුවේ. කරන කියන දේ බුද්ධියෙන් තොරවයි. සිතට මුල් තැන නොදෙන්න.

සෑම දේම දෙවරක් සිතා බලා කටයුතු කිරීමෙන් ඔබට මෙම සතිය ජය ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර සිදුකරන්නන් ගනුදෙනුවලදී ප්‍රවේසම් විය යුතුය. මූල්‍යම අර්බුදවලට මුහුණපාන්න සිදුවන සතියකි. අන්‍යයන්ගේ වැරදිවලට තමා වැරදි වීමට ඉඩ ඇත.

නිතර ආගම දහමට නැඹුරු වෙන්න. එවිට මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකිවනු ඇත. ශරීරයේ සීනි මට්ටම ඉහළ යයි. ශරීර සෞඛ්‍යය ගැන වෙනදාට වඩා සිතීම යහපති.

🔴 තුලා ලග්නය

මෙම සතිය ඉතා බුද්ධිමත් ලෙස තීරණ ගන්නා බව පෙනී යයි. කරන කියන දේ තමාගේ දියුණු උදෙසාවේ. තමාට හිතැති පුද්ගලයන් ආශ්‍රය කිරීමට හැකියාව ලැබේ. ආගිය තැන කැපීපෙනෙන ලක්ෂණ පෙන්නුම් කරයි.

සමිති සමාගම්වල තනතුරු නම්බු නාම ලැබීම් මෙම සතිය තුළ ලැබෙනු ඇත. සමාජයේ කැපීපෙනීමට උත්සාහ දරන චරිතයක් ලෙස මෙම සතිය බලාපොරොත්තු විය හැක. ගෘහයේ දියුණුව උදෙසා කටයුතු කරයි.

විදේශගත විම් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් යහපති. සෙම් රෝග, අධිරුධිර පීඩනය ඇතිවේ. ආමාශගත රෝගවලට ද හේතුවේ. කරන කියන දේ කල්පනාකාරීව සිහි බුද්ධියෙන් කිරීමෙන් මෙම සතිය ජයගැනීමට හැකිවනු ඇත.

🔴 වෘශ්චික ලග්නය

මෙම සතිය හදිසි ධනවාසනාවලට හේතුවේ. පිය පාර්ශ්වයේ දේපළ උරුමකම්වලට හිමිකම්පායි. කරන කියන දේ දියුණුව උදෙසා සිදුවේ.

ඉගෙනීමට යහපත් කාලයකි. අධ්‍යාපනය සිදුකරන දරුවන්ගේ දියුණුව පෙනේ. මතක ශක්තිය වර්ධනය වන සතියකි. කරන කියන සෑම දේම ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. ව්‍යාපාරවලට ද සුබවේ. ලොතරැයි වාසනා ඇතිවන සතියකි.

කරන කියන රැකී රක්ෂාවේ දියුණුව ඇතිවේ. තමාගේ කැපවීම අන් අය දකින කාලයක්වේ. ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවේ. සෙම් රෝග බහුලව ඇතිවිය හැක. ප්‍රවේසම් වන්න.

🔴 ධනු ලග්නය

මෙම සතිය රැකීරක්ෂාවේ හෝ සිටින ගෘහයේ ස්ථාන මාරුවීමක් පෙන්නුම් කරයි. කරන කියන දේ සාර්ථක කරගැනීමට වාසනාව ඇති සතියකි.

නෑදෑයෝ එකතු වෙන සතියකි. පින්කම් රාශියකට මුලපුරන සතියකි. අන් අයගේ පීඩාවන්වලට තමාට උදව් විය හැකි සතියකි. මෙම සතිය ආමාංශගත රෝගවලට හේතුවේ. ප්‍රවේසම් වන්න.

තම දියුණුවට උදව් දෙන අය අතරේ තම දියුණුවට බාධා වන අය ද හමුවෙන සතියකි. කරන කියන දේ දෙවරක් සිතා බලා කිරීමෙන් සතිය යහපත් කර ගැනීමට හැකිවේ. ව්‍යාපාරවලට යහපත් වේ. ව්‍යාපාර දියුණුව ලැබෙන කාලයකි. විවාහ වීමට සිටින ඔබට යහපත්වේ.

අඹු-සැමි අතර බැඳීම් වැඩිවන සතියකි. සති මැද මනසට අවිවේකී බවක් දැනෙනු ඇත. ආගම දහමට නැඹුරු වීමෙන් එය මඟහරවා ගැනීමට හැක. කාලය කළමනාකරණයත්වයෙන් ඔබට සතිය ජය ලබා ගැනීමට හැකි වේ.

🔴 මකර ලග්නය

මෙම සතිය වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු කරන සතියක් වනු ඇත. තම ඉතිරි කර ගත් ධනය යොදා, මහා පින්කම් කිරීමට සිත් දෙන සතියකි.

නැති බැරි අයට උපස්ථාන කිරීමට සිත්දේ. ව්‍යාපාරවල දියුණුව ලැබෙන, අධ්‍යාපනයට දරුවන්ගේ දියුණුව ඇතිවන, තරග විභාගවලින් ජය ගැනීමට හැකිවන සතියක් ලෙස දැක්විය හැකිය. රැකියා කරන ස්ථානයේ උසස්වීම් ලැබෙයි. සැලකියයුතු වැටුප් වැඩිවීමක් ඇත.

නෑදෑයෝ අතරේ කැපීපෙනෙන චරිතයක් වනු ඇත. දියුණුවීමට නව අදහස් පැමිණෙන සතියකි. සෙම් රෝග උස්සන්න වීමට ඉඩ ඇති බැවින් ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් වීම යහපති. අන් අය විශ්වාස කිරීමේදී දෙවරක් සිතා බලා කටයුතු කිරීම යහපති.

🔴 කුම්භ ලග්නය

වෙනදාට වඩා මෙම සතිය කල්පනාකාරී විය යුතුයි. අධික ලෙස කේන්තියෑම, මුරණ්ඩු ගතිය පාලනය කරගත යුතුයි. අඹු-සැමි අතරේ අවිශ්වාසය ගොඩනැඟීමට හේතු ඇතිවේ.

කරන කියන දේත් නිසි ලෙස කල්පනාකාරීව විය යුතුයි. ගුප්ත ශාස්ත්‍රීය වැඩකටයුතුවලට ශුභ සතියකි. ලේඛන කටයුතුවලින් ඉදිරියට යනු ලබයි. දුරබැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. ආදායමට වඩා වියදමට කරුණු ගෙන දෙන කාලයකි.

මෙම සතිය තම ප්‍රියයන් වෙනුවෙන් කාලය ගත කිරීම යහපත් වනු ඇත. රැකියා කරන ස්ථානයේ ද ඒකාකාරී බවක් දැනෙන සතියකි. ස්නායු රෝගවලින් පෙළෙන්නේ නම් ප්‍රවේසම් වන්න.

🔴 මීන ලග්නය

අධික ලෙස කේන්තියෑම සුදුසු නොවේ. පිටත ගින්දර ඇතුළට ගෙන ඒමෙන් වළකින්න. අන් අය නුරුස්සන ගතියක් පෙන්නුම් කරන සතියකි. සහකරු – සහකාරිය සමග ගැටුම්. වෙනදාට වඩා ආත්මාර්ථකාමීත්වයක් ඇතිවන සතියකි. පිනට දහමට ළැදි නොවේ. අනවශ්‍ය ගමන්බිමයි යෙදීම සිදුවේ. කරන කියන දේ බුද්ධියෙන් තොරවයි.

වගකීම් මඟහරිනු බවක් පෙනී යයි. විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා නම් යහපත්. මෙම සතිය කලබලකාරීත්වය යහපත් නොවේ. දෛනික කටයුතුවලට බාධා ඇතිවන සතියකි. උෂ්ණාධික රෝග නිසා ඇතිවන දද, කුෂ්ඨ ශරීරයේ ඇති විය හැක.

ගෘහයේ සමගියට බාධා ඇතිවන සතියක් වේ. තම මතයට පමණක්ම ඉඩ දෙන සතියකි. ආගම දහමට නැඹුරු වන්න. එවිට යහපත්වේ. දරුවන් සම්බන්ධ ගැටලුවලින් මානසික ආතතිය වැඩිවීමට හේතු වෙයි.