සදුදා නාවොත් රනිල් අත්අඩංගුවට?

Report

ජනාධිපතිවරයාට ලබන සඳුදා (28) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසත්, එසේ නොකළහොත් නීතිමය පියවර ගන්නා බවත් එම කොමිසම යළිත් දැනුම් දී ඇත.

ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසානායක සම්බන්ධ විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඊයේ (25) දෙවන වරටත් කොමිසම හමුවට කැඳවූ නමුත් ඔහු පෙනී සිටියේ නැත.

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

කොමිසම තුන්වන වරට ඔහුට දැනුම්දීමක් කර ඇත්තේ, මීට පෙර අවස්ථා දෙකකදී ඔහු කොමිසම මගහැර සිටි පසුබිමකය.

පළමු අවස්ථාවේදී ඔහු කොළඹ නොසිටි බවත්, දෙවන අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා විදේශගතව ඇති බවත්, ලංකාවට පැමිණි පසු කොමිසම හමුවට පැමිණීමට දිනයක් ලබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ පවසා තිබුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ පෙරවරුවේ ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා යොමු කළ ලිපියකින් ඔහු 28 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවයි.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

ඒ අනුව, 28 වැනිදා පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති අතර, සාධාරණ හේතුවක් නොමැතිව පෙනී නොසිටියහොත් පනතේ 126 වැනි වගන්තිය යටතේ කටයුතු කරන බව එම ලිපියෙන් අවධාරණය කර තිබේ.