මෙරට සේලයින් වලට සිදු වන දේ මෙන්න..
water
channa jayasumana
slain
NaCL
By Sewvandhi
දේශීයව නිෂ්පාදනය කරන සේලයින් මෙම මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (06) ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශය සඳහා සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නවතා දැමීමට පියවර ගන්නා බවය.
"මේ මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා සම්පූර්ණ වශයෙන්ම දේශීය නිෂ්පාදනය කරන සේලයින් තමයි ලබාදෙන්නේ. රාජ්‍ය අංශයට සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නතර කරනවා. මේ කර්මාන්ත ශාලාවේ පුළුවන් පැයකට සේලයින් බෝතල් 5,000ක් පමණ නිෂ්පාදනය කරන්න. වසරක් සඳහා රාජ්‍ය අංශයේ සේලයින් අවශ්‍යතාව සේලයින් බෝතල් මිලියන 18ක්. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් අපනයනය කිරීම සඳහාත් අවස්ථාව ලැබෙනවා. සේලයින් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ මූලික වශයෙන් වතුර."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |