පෞද්ගලික අංශයේ වැටුප් ගැන ආරංචියක් - කම්කරු අමාත්‍යාංශයේ අවධානයට
පෞද්ගලික අංශයේ වැටුප් මෙතෙක් වැඩි නොකළ ආයතන සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
පෞද්ගලික ආරක්ෂක සේවාවන් සපයන සමාගම් කිහිපයක ප්‍රධානීන් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතර සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රජය පෞද්ගලික අංශයට අදාළව සිදුකළ අවම වැටුප් වැඩිවීම මෙතෙක් ලබානොදුන් ආයතන සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත. මෙහිදී ප්‍රකාශ වුණේ අදාළ වැටුප් වැඩිවීම බොහෝ ආයතන මේ වන විට ලබා දී ඇති බවයි.
මෙතෙක් වැටුප් වැඩි නොකළ ආයතන සම්බන්ධයෙන් සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.