යුද්දය ගැන සාම සාකච්චා - පකිස්ථානයත් එකතුවෙයි
ඉරාන ජනාධිපති මසූඩ් පවසන්නේ මැදිපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීමට සඳහා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා පර්ශ්වයන් අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.
ජනාධිතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පාකිස්තාන අග්‍රමාත්‍ය අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදීය. අදාළ සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දෙරටේම දායකත්වය සහ ඒ සඳහා පවතින බාධක ජය ගැනීම පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එක්සත් ජනපදය සහ ගල්ෆ් රාජ්‍යයන් සමඟ පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ෂරීෆ් පෙසෙෂ්කියන්ට විස්තර කළ බව එම වාර්තාවල දැක්වෙයි.