පිතිකරු ලැයිස්තුවේ අංක 01 ට ඒමට කුසල් සමත් වෙයි..වනිඳුට හිමිවූ තැන මෙන්න..

Report

ඩුබායිහිදී පැවැත්වෙන 2024 පන්දුවාර 20 - 20 ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පිතිකරුවන්ගේ ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙන බව වාර්තා වනවා.

එහිදී කුසල් ජනිත් පෙරේරා තරග 07කට සභභාගි වී ලබා ඇති අතර රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 266ක්.

පිතිකරු ලැයිස්තුවේ අංක 01 ට ඒමට කුසල් සමත් වෙයි..වනිඳුට හිමිවූ තැන මෙන්න.. | Kusal Janith And Wanidhu Hasaranga

එම ලකුණු රැස්කර ගැනීම සඳහා ඔහු විසින් හතරේ පහර 27ක් ද, හයේ පහර 11ක් ද එල්ල කර තිබීම විශේෂත්වයක්.

එල ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Nicholas Pooran ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 261ක් වනවා.

එමෙන්ම එම ලීගයේ කඩුළු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයට පත් වීමට වනිඳු හසරංග සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පිතිකරු ලැයිස්තුවේ අංක 01 ට ඒමට කුසල් සමත් වෙයි..වනිඳුට හිමිවූ තැන මෙන්න.. | Kusal Janith And Wanidhu Hasaranga

එහිදී තරඟ 08ක් ක්‍රීඩාකර ඇති ඔහු ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 12ක් වේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇති ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Fazalhaq Farooqi තරග 08කට සහභාගි වී ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 17ක් වනවා.