කුරුවිට බන්ධනාගාර සිද්ධිය යළිත් රට කළඹයි - රැඳවියන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව එළි වෙයි

Report

කුරුවිට බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ නොසන්සුතාවය අතරතුර මිය ගිය රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතළ තුවාල බව හෙළි වී ඇති බව වාර්තා වේ.

ඒ රත්නපුර මහ රෝහලේ පෙරේදා දින සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

රත්නපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු එක් රැඳවියෙකු හිසට වෙඩි වැදීමෙන් සහ අනෙක් රැඳවියා පපුවට වෙඩි වැදීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව කියා සිටි බව සඳහන්.

ඉකුත් සිකුරාදා ඇති වූ මෙම නොසන්සුතාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලැබූ අතර තත්ත්වය පාලනය කිරීමට කදුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩි තැබීමක් ද සිදු කළ බව විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර තිබුණා.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සහ අනිද්දා දෙදින සඳහා වලංගුයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සහ අනිද්දා දෙදින සඳහා වලංගුයි

එමෙන්ම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය, යුධ හමුදාව ද කැඳවීමට සිදු විය.

එසේම ඊට පෙර මීගමුව, මහර, නව මැගසින් සහ පල්ලන්සේන බන්ධනාගාර තුළ ද නොසන්සුන්තාවයන් හටගත් අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

තවද මහර සහ නව මැගසින් බන්ධනාරවල ඇති වූ නොසන්සුන්තාවයන්ගෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න