මුළු රටම නොඉවසිල්ලෙන් ඉන්න විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන තීරණය අද - විශේෂ සාකච්ඡාවක්

Report

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී ඇත. එබැවින් අද(12) පස්වරු 1.00ට අදාළ සාකච්ඡාව පවත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් දා අනුමත කර තිබුණා.

ඒ අනුව, ඊට අදාළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එවැනි පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ඉකුත් දින ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කර ඇත.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

එසේම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික විධායක කමිටු රැස්වීම පෙරේදා (10) දින පස්වරුවේ පවත්වා ඇති අතර එහිදී අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුවේ නියෝජිතයින් සහභාගී වීමට යෝජනා වී තිබෙනවා.  

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්