රට පැනලා ඉන්න සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ගඟනගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට
විදේශගතව සිටින සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ගඟන' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ එම බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව හෝමාගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ සිදු කළ වැටලීමකදීයි.
එහිදී සිදුකළ පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 800ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පවසයි.
විදේශගතව සැඟවී සිටින 'ගඟන' නැමැත්තාගේ සෘජු උපදෙස් මත ඔහු ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.