විශ්‍රාම යන වයස වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍ය‍යි - නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය දක්වා නිවේදනයක්

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර ඇත.

ඒ අනුව අද (12) දින නිවේදනයක් නිකුත් කරමිනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. සංගමය පෙන්වා දෙන්නේ, 2026 අගෝස්තු 7 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙන බවයි.

එමෙන්ම රජය විසින් මෙම සංශෝධනය හඳුන්වා දී ඇත්තේ නඩු විභාග කඩිනම් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් බව ප්‍රකාශ කළද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර සම්බන්ධතාවය පැහැදිලි නොවන බව නීතිඥ සංගමය සඳහන් කරයි.

එම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් ඇති කරන බව කියමින් නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව රැසක් මීට විරෝධය පළ කර ඇති බවද එම සංගමය දන්වයි.

මුළු රටම නොඉවසිල්ලෙන් ඉන්න විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන තීරණය අද - විශේෂ සාකච්ඡාවක්

මුළු රටම නොඉවසිල්ලෙන් ඉන්න විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන තීරණය අද - විශේෂ සාකච්ඡාවක්

එමෙන්ම ආගමික නායකයන්, සිවිල් සමාජ සංවිධාන මෙන්ම විදේශීය ප්‍රමුඛ නීතිඥ සහ විනිසුරු සංගම්ද මෙම විරෝධතාවට එක්ව ඇති බව නිවේදනයේ සඳහන්.

තවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, යෝජිත සංශෝධනය ඉදිරියට ගෙන යන්නේ නම් එය නීත්‍යානුකූලව සම්මත කළ හැක්කේ ජනමත විචාරණයක අනුමැතිය ලබා ගැනීමෙන් පමණක් බවයි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්‍යවස්ථාව මඟින් උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස නියම කර ඇති අතර, එය “අධිකරණයේ ස්වාධීනත්වය” යන ශීර්ෂය යටතේ ව්‍යවස්ථාගත කර ඇති බවද නීතිඥ සංගමය පෙන්වා දෙයි.

අඳාළ ව්‍යවස්ථාගත කිරීම මඟින් එයට සිදු කරන ඕනෑම සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන බව පැහැදිලි වන බව අඳාළ නිවේදනයේ ඇතුළත්.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මේ අතර 2022 වසරේ SC SD 64–71/2022 නඩු විශේෂ තීරණයද උපුටා දක්වමින් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපාන පරිදි විශ්‍රාම යන වයස හෝ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර ජනමත විචාරණයක් අවශ්‍ය වන බව එම තීරණයෙන් පෙන්වා දී ඇති බවයි.

එමෙන්ම යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළහොත් එහි ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතිය ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් තුළ විනිසුරුවරුන්ට තමන්ගේම ධුර කාලය දීර්ඝ කිරීමේ පසුබිමක එම සංශෝධනයේ නීත්‍යානුකූලභාවය තීරණය කිරීමට සිදුවීම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයට බරපතළ බලපෑමක් ඇති කළ හැකි බවද ඔවුන් පවසයි.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සහ අනිද්දා දෙදින සඳහා වලංගුයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සහ අනිද්දා දෙදින සඳහා වලංගුයි

ඒ අනුව රජය මෙම විරෝධතා නොතකා සංශෝධනය ඉදිරියට ගෙන යාමට තීරණය කරන්නේ නම්, පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් තීරණය කිරීමට සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර ඇත.

එසේම මෙම සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ප්‍රමාණවත් උපදේශන ක්‍රියාවලියක් සිදු නොවීම පිළිබඳවද නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර ඇත.

අර්ථවත් උපදේශන ක්‍රියාවලියකින් තොරව යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාම මහජන විශ්වාසය හීන කිරීමට මෙන්ම අනාගත රජයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමතය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් ඇති කිරීමටද ඉඩ ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

Gallery