මත් කරල් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

Report

මත් කරල් විසිඑක් දහසකට වැඩි තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල රෙඩ්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී කුරුණෑගල විශේෂ ප්‍රහාරක යතුරුපැදි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදු කළා.

එහිදී මත් කරල් 20ක් සහ ත්‍රී රෝද රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක

ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගත් තොරතුරු මත තවත් සැකකරුවෙකු වදුරාගල ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ඔහු ළග තිබී මත් කරල් 21,930ක් පොලීසිය සොයාගත්තා.

සැකකරුවන් වයස අවුරුදු 24 / 25 සහ 45 වයස්වල පසුවන පොතුහැර සහ වදුරාගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි