සිසුවියන්ට අමුතු පාඩම් උගන්නන්න ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුට හොඳ පාඩමක්

By Zara Mar 23, 2025 02:00 PM GMT
Report

අපයෝජන සිද්ධියකට අදාළ කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම සැකකරු වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රරතන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේම එම සිද්ධියට අදාළ සිසුවියන් කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කුරුණෑගල ජයන්ති පුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන 48 හැවිරිදි මෙම පුද්ගලයාට මෙලෙස චෝදනා එල්ලව ඇත්තේ සිසුවියන් 10 දෙනෙකු වරින් වර අපයෝජනය කිරීම හේතුවෙනි.

මෙම සැකකරුට අයත් කුරුණෑගල උඩවල්පොල පාරේ පිහිටි එම උසස් අධ්‍යාපන ආයතනයේ, සාමාන්‍ය පෙළ අසමත් දරුවන් දක්ෂ දරුවන් බවට පත්කරන මුවාවෙන් දෙමව්පියන් රවටා ඇත.

ඒ අනුව නේවාසිකව ලියාපදිංචිවී අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටි වයස අවුරුදු 15, 17 යන වයස්වල පසුවන සිසුවියන්ට ඔහු මෙලෙස ලිංගික අපයෝජන සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත ඔහුගේ බිරිඳ වන දෙවන වසර නීති ශිෂ්‍යාවක ද අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කරමින් සිටින බව කුරුණෑගල පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා 2016 වසරේදී ද පේරාදෙණිය ප්‍රදේශයේදී මෙවැනිම කරුණකට අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

පෙනුම නිසා සෙක්ස් කැරැක්ටර් තමයි හම්බවෙන්නේ - මලීෂා කියයි

පෙනුම නිසා සෙක්ස් කැරැක්ටර් තමයි හම්බවෙන්නේ - මලීෂා කියයි

ගෙදර කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරය දුන් පිළිතුර මෙන්න!

ගෙදර කෑම ඉල්ලූ දේශබන්දුට බන්ධනාගාරය දුන් පිළිතුර මෙන්න!