බිහිසුණු අනතුරින් මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Oct 07, 2023 10:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝටර් රථයකට යටවීමෙන්, කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් වෙත මූල්‍ය ආධාරයක් සිදුකර තිබේ.

ඊයේ (06) මෙම නිලධාරියාගේ දෙමව්පියන්ව පොලිස් මූලස්ථානය වෙත කැඳවා රුපියල් 103,808ක් සහ රුපියල් 125,000ක මුදලක් ප්‍රදානය කර ඇත.

අදාළ නිලධාරියා ජීවත්ව සිටිමින් සේවයේ සිටියා සේ සලකා රජයේ සියලු වැටුප් වැඩිවීම්, වැටුප් පරිවර්තන, වැටුප් වර්ධක සහිතව වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් හා දීමනා ලබාදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු සිදුකර තිබේ.  

ReeCha