පොලිස් නිලධාරියාට අවසනාවන්ත මරණයක් අත්කළ රියදුරා ගැන තීරණයක්..!

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Oct 06, 2023 11:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුව කොළඹ අංක 07 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඊයේ සවස කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී සිදුවූ එම අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි. 

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ.

ReeCha