මන්ත්‍රීවරයෙක් සහ පිරිසක් අතර හදිසියේම උණුසුම් තත්ත්වයක්
By Sewvandhi
අද (02) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමඟ සුහද හමුවකට එක්ව සිටිය දී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරීන් ලෙස පවසමින් එම අවස්ථාවට එක්ව ඇති අතර ඒ සමගයි මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය සහ ඔවුන් අතර මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ
අනතුරුව අසල විභාග මධ්‍යස්ථානයකට අනුයුක්තම සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඊට මැදිහත් වුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |