වැඩ තහනම් කළ චමින්දගෙන් ලෝක සංවිධාන වලට පැමිණිලි

Report

වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වනුයේ අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලටය.

එම පැමිණිලිවල සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතු බවත් තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බවයි .

''රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුයි ''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා

''රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුයි ''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා

තවද දිවයිනේ සිටින ප්‍රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් කුලරත්න මහතා වෙනුවෙන්මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව සදහන් වේ  .

ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීම මෙන්ම මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටද එම නීතිඥ පිරිස කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.  

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි