ඔන්න එයාලා ලංකාවට ඇවිත්..අමතක කරන්න එපා හෙට දවස විශේෂයි..

By Piyumika Oct 21, 2024 11:10 AM GMT
Report

ලෝකයේ අතිශය ජනප්‍රිය දකුණු කොරියාව නිජබිම කර ගත් ටයිකොන්ඩෝ මූලස්ථාන ලෝක සටන් සංදර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ(20) කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

කයිය විතරයි කියන්නේ මෙන්න මේකට.. වැඩේ වරදිනවා කියල දැනගත්තම නිවසිනුත් පළා ගිහින් ..

කයිය විතරයි කියන්නේ මෙන්න මේකට.. වැඩේ වරදිනවා කියල දැනගත්තම නිවසිනුත් පළා ගිහින් ..

20 දෙනෙකුගෙන් සමන්විත, කුකිවොන් ( Kukkiwon ) නමින් හැදින්වෙන මෙම තරුණ සටන් ශිල්පී සංදර්ශන කණ්ඩායම හෙට(22) පස්වරු 05.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සිය සංදර්ශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ලෝක ටයිකොන්ඩෝ මූලස්ථාන සටන් සංදර්ශන කණ්ඩායම 2017 වසරෙන් පසුව මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

බලන් ගියාම ඡන්දයක් ලං වෙන කොට ඔක්කොම එක වගේ..බලන්නකෝ මෙයා කරන වැඩේ..

බලන් ගියාම ඡන්දයක් ලං වෙන කොට ඔක්කොම එක වගේ..බලන්නකෝ මෙයා කරන වැඩේ..

මේ කණ්ඩායම ඊයේ පස්වරු 04.52 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔන්න එයාලා ලංකාවට ඇවිත්..අමතක කරන්න එපා හෙට දවස විශේෂයි.. | Kukiwon Martial Arts Group To Sri Lanka

ඔන්න එයාලා ලංකාවට ඇවිත්..අමතක කරන්න එපා හෙට දවස විශේෂයි.. | Kukiwon Martial Arts Group To Sri Lanka