කොළඹින් කොවිඩ් ආසාධිතයන් නැවතත් ඉහළට..

Covid-19 Sri Lanka Colombo
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් සටහන්වූ කොවිඩ් ආසාධිතයන් 755 දෙනා අතුරින් 369 දෙනෙකුම සටහන්වී ඇත්තේ කොළඹින් බවයි කොවිඩ්10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

ගම්පහ 124 ක් , කලුතර 80 ක්, කුරුණෑගල 29 ක් , මහනුවර 23 ක්, මාතලේ 22 ක්, ගාල්ලේ 18 ක් සහ මාතර 17 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.

මුලතිවු 15 ක්, අම්පාරේ 15 ක් , අනුරාධපුර 14 ක් , යාපනයේ 06 ක් , පොළොන්නරුවේ 06 ක් , පුත්තලමේ 05 ක් සහ නුවරඑළියේ 02 ක් ද ඊට අයත්.

වවුනියාව – හම්බන්තොට – මඩකලපුව දිස්ත්‍රික්වලින් ඊයේ වාර්තා වී ඇත්තේ එක් ආසාධිතයා බැගිනුයි.

විදේශයන්ගෙන් පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාධිතයන් අතර වුණා.