කොවිඩ් මරණ 230 ඉක්මවයි

covid death
By Thaya Jan 12, 2021 11:34 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.