කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට බැන වැදුණු සජබ මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් විසින් කොත්මලේ ප්‍රාදේශී ලේකම්වරයාට සහ සංවර්ධන නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් බැන වැදුනු බව කියන සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට එරෙහිව උද්ඝෝෂණයක නිතර විය .
ඒ අනුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාට මෙන්ම කාර්යාලයේ සේවය කරන රම්බොඩ සංවර්ධන නිලධාරියාට බැන වැදුනු බවට කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් කමලදීපන් මහතාට චෝදනා එල්ල වේ.
මේ පිළිබද කොත්මලේ පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් උද්ඝෝෂණයක නිරතව ඇත.
පූඩළු ඔය නගරයේ පැවති උද්‍ඝෝෂණයෙන් පසුව ඔවුන් ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ගොස් එහි සභාපතිවරයාට ද මෙම සිද්ධිය දැනුම් දී තිබේ.