රෝහලේ සේවක සේවිකා ගැටුම දැඩි පිළිස්සුම් වලින් අවසන් වෙයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 31, 2022 04:28 PM GMT
Sithumi

Sithumi

Report

පොත්තපිටිය කොටලියගොඩ ග්‍රාමීය රෝහලේ කණිෂ්ඨ සේවකයකු සහ සේවිකාවක අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් රෝහල් පිරිසුදු කිරීමට ගන්නා අධි සාන්ද්‍රන දියර ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් එම දෙදෙනා බරපතළ පිලිස්සුම් තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

එසේ තුවාල ලබා ඇත්තේ රෝහල් උපස්ථායක සේවයේ නියුතු 54 වැනි වියේ සේවකයකු සහ අනියම් කම්කරු සේවයේ නියුතු 48 හැවිරිදි කාන්තාවකි. පොත්තපිටිය එකම ගමක ජීවත් වන බව කියන මෙම දෙදෙනා අතර රෝහල් කොරිඩෝවේදි කිසියම් බහින්බස්වීමක් සිදු ඇතැයි කියයි.

බහින්බස් වීම දුරදිග ගොස් අධි සාන්ද්‍රන ලයිසෝල් ප්‍රහාර දෙදෙනා විසින්ම එල්ල කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නාලිනී හේරත් මහත්මිය පවසා සිටියේ අධි සාන්ද්‍රන ලයිසෝල් ශරීරයේ තැවරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ශරීරය 75% ක ප්‍රමාණයක් පිලිස්සී තිබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha