වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවිය මාස ගණනාවක සිට ලෙඩ වෙලා

Report

වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවිය දැනට මාස කිහිපයක සිට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

ඒ හේතුවෙන් යම්කිසි ඖෂධයක් ගුණාත්මක භාවයෙන් අඩුවීමක් හෝ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමක් සිදුවූයේ නම් එය දැන ගැනීමට මහජනතාවට ඇති නිදහස අහිමි වී ඇති බවද එම වෘත්තීය සමිති සඳහන් කරනවා.

මෙවැනි දත්ත පද්ධතියකට ප්‍රවේශවීමේ අවස්ථාව පැවැතියේ නම් යම්කිසි ඖෂධයක් සංකූලතා මතුවන අවස්ථාවේදීම අනෙකුත් රෝහල්වලට හා සාමාන්‍ය මහජනතාවට සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීමට හැකිවේ.

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් .. ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් .. ඔබේ වාසනාවත් දැන්ම බලන්න

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ​වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ අදාළ වෙබ් අඩවිය හදිසියේ අක්‍රීය තත්ත්වයට පත්වීම සැක කටයුතු කරුණක් බවයි.

මේ අතර හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ටෙනටෝෆේස් ඖෂධයද විවිධ සංකූලතා මතුවීම නිසා දිවයින පුරා රෝහල් කිහිපයකින් භාවිතයෙන් ඉවත් කොට ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුරාධපුර හා ඇඹිලිපිටිය රෝහල්වලිනි. එහෙත් ඒ පිළිබඳ මේ දක්වා සැපයුම් ඒකකයේ හෝ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය තුළ සඳහන්ව නැති බවද ඔහු පෙන්වා දෙයි. 

මාධවීගේ හිටපු සැමියා මිලාන් ජිවිතයේ තැබූ අලුත් පියවර

මාධවීගේ හිටපු සැමියා මිලාන් ජිවිතයේ තැබූ අලුත් පියවර