කොරියාවට යන තරුණ පිරිස් වලට සුභ ආරංචියක්..ඇමතිගෙන් විශේෂ පණිවුඩයක්!!.
තව කෙටිකාලයක් ඇතුළත කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, දකුණු කොරියාව - ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවයි.
මේ අතර , අඛණ්ඩ ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම බරපතල ගැටළුවක් වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ ප්‍රකාශ කළා.
ඒ , ශ්‍රී ලාංකිකයින් 52 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත්, පැය 12ක පමණ කාලයක් UL470 ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට ලක් වූ බවයි, අමාත්‍ය නානායක්කාර මහතා දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙය දකුණු කොරියාව බලා පිටත්ව ගිය 800 වැනි කණ්ඩායම වූ අතර විදේශ සේවා නියුක්ති අමාත්‍යවරයා පවසන පරිදි මෙම පිරිස දකුණු කොරියාවට යැවීමට අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණා.
මෙම පිරිස ධීවර කර්මාන්තයේ රැකියාව සඳහා පිටත්ව යාමට නියමිතව තිබුණි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ගුවන් ගමන් ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් දකුණු කොරියාවට නොයවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඊයේ දන්වා තිබූ බවයි.
පසුගිය මැයි මස 23 වැනිදා ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම පිරිසට ජුනි 4 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් රැකියා ආරම්භ කිරීමට හැකි විය.
මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් දකුණු කොරියාවට තවත් ලාංකිකයන් යැවීමට දරන උත්සාහයට බාධාවක් වන බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.