දින 10කදී කොරියන් යන ප්‍රමාණයෙන් වාර්තාවක් තබයි..

Sri Lanka South Korea
By Aruna Feb 26, 2023 01:00 AM GMT
Aruna

Aruna

Report

නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා දකුණු කොරියාවේ යෑමේ දින දහයක් ඇතුළත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අසූපන්දහස් හැත්තෑ දෙනකු අයැදුම් කර තිබෙනවා.

කොරියානු භාෂා පරීක්ෂණ සඳහා මෙතෙක් වැඩිම අයැදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වී ඇත්තේ මෙවරයි.

2023 වසරේ පැවැත්වීමට නියමිත 07 වැනි කොරියානු භාෂා පරීක්ෂණ සඳහා 85072 දෙනකු අයැදුම් කරන විට 2022 වර්සයේදී අයැදුම් කර තිබුණේ 31378 කි.

අයැදුම්කරුවන් ලියාපදිංචි කිරීම 2023 පෙබරවාරි 13 දින සිට 2023 පෙබරවාරි 23 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කර තිබිණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now