තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් ලාංකිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා රැසක් - වැඩි විස්තර මෙතනින්..

Manusha Nanayakkara Sri Lanka South Korea
By Sewvandhi Sep 14, 2023 01:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි,  කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමට සහ ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වී ඇත්තේ, වසර විස්සකට පසුව කොරියාවේ EPS ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදුකරන බවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවත් ය.

මෙහිදී ඇගළුම්, සාත්තු සේවක වැනි නව රැකියා ක්ෂේත්‍රයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කරන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ඉල්ලා සිටි අතර ඊට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා.

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය බවත්, ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ඒ සදහා වැඩි අවස්ථා විවෘතවී තිබෙන බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

මේ වන විට කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවීමට අමාත්‍ය Lee Jung-Sik කටයුතු කර තිබූ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවා තත්ත්වයන් ඔහුගේ අගය කිරීමටද ලක්ව තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට ඉදිරියේදී ගනු ලබන සෑම පියවරකටම පූර්ණ සහාය ලබාදීමටද අමාත්‍ය Lee Jung-Sik වැඩිදුරටත් සහතික වී ඇත.

වංචනික අඹුසැමි යුවළක් සොයයි - ඔබ දුටුවොත් වහාම අමතන්න..ඡායාරූප සහිතයි - (PHOTOS)

වංචනික අඹුසැමි යුවළක් සොයයි - ඔබ දුටුවොත් වහාම අමතන්න..ඡායාරූප සහිතයි - (PHOTOS)

ReeCha