පාරුව පෙරළීමේ සිද්ධිය නිසා නගරාධිපතිට අවසානයේ සිදු වු දේ..?

TRINCO KINNIYA MAYER KURINJA KENI
By Sewvandhi Nov 25, 2021 10:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර , නැගෙනහිර පළාතේ දැනට භාවිතයට ගන්නා සියලුම පාලම් පාරුවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ උපදෙස් මතයි. පොලීසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව එම කණ්ඩායමට ඇතුළත්.

කුරුන්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය විසින් මීට පෙර විශේෂ කමිටුවක් පත් කළ අතර එමගින් ගත් තීරණවලට අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.    

පාරුවක් පෙරළි සිදුවූ බිහිසුණු අනතුර..6ක් මරුට-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha