කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් අරභයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කින්නියා - කුරුන්චන්කර්නි මාර්ගයේ කුරුන්චන්කර්නි කලපුව හරහා "කුරුන්චන්කර්නි පාලමේ" ඉදිකිරීම් කටයුතු අද(10) දින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. කුරුන්චන්කර්නි කලපුව හරහා ඉදිකරනු ලබන මෙම පාලමේ දිග මීටර් 120 කි. ඉදිකිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 750 ක් වන අතර අදියර තුනක් යටතේ ඉදිකිරීම් සිදු කරනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් කරමින් ක්‍රියාත්මක වන පාලම් ව්‍යාපෘතිය යටතේ මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය.
මෙම පාලම ඉදිකිරීමෙන් කින්නියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කින්නියා නගර සභා බල ප්‍රදේශයන් දෙක යා කෙරෙනු ඇතර එමගින් ප්‍රදේශ වාසීන් හට විශාල ප්‍රවාහන සහසුකම් රැසක් උදාවනු නොඅනුමානයි. . දැනට ප්‍රදේශයේ ජනතාව කුරුන්චන්කර්නි හා කින්නියා අතර ගමනා ගමන කටයුතු සදහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මේ වන විට බෝට්ටු යොදා ගනු ලැබේ. මෙම පාලම ඉදිකිරීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරලනු ඇතැයිද පැවසුවේය..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල නුවන් අතුකෝරාල, එම්. තවුෆික්, රිෂාක් රහුමාන්, කින්නියා ප්‍රාදේශීය සභා සභාපති එම්. නිහාර්, උප සභාපති එම්.එච්. සනුෂ්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඉදිකිරීම් ඒ.කේ.ඩී. තිසේරා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.

