පෙම්වතිය විසින් පෙම්වතා පැහැරගෙන යයි..පාළු නිවසක සඟවාගෙන ඉදල මාට්ටු වෙයි..

Police spokesman Sri Lanka Police
By Aruna Jul 05, 2023 03:42 AM GMT
Aruna

Aruna

Report

පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ පුවතක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක අංශයකට සම්බන්ද තරුණියක ඇතුළු පිරිසක් සොයා පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසනවා.

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බවයි පින්වත්ත පොලීසිය කියා සිටියේ.

පොලීසිය කියා සිටියේ, පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැර ගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කර ගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි.

පිංවත්ත ප්‍රදේශයේදී තවත් කිහිපදෙනකු සමග ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණිය, තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදා හැර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පැහැර ගැනීම සිදුකළ බව කියන තරුණිය සහ ඇය සමග පැමිණි පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.