කෙහෙල්බද්දර පද්මේට කමාන්ඩෝ බළකායක්? අලුත් කතාව මෙන්න!

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Law and Order
By Shehan Mar 17, 2025 08:55 AM GMT
Shehan

Shehan

Report

ඩුබායිහි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරු යටතේ, හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සමන්විත පාතාල කල්ලියක් ක්‍රියාත්මක වන බව පොලිසිය විසින් හෙළි කරගෙන තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වූයේ ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

හමුදාවෙන් පලා ගිය ඇතැම් කමාන්ඩෝ සාමාජිකයින් පාතාල කල්ලිවලට එක්වී මිනිස් ඝාතන සිදු කරන බවට තොරතුරු, ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පසු හෙළි වූ කරුණු හේතුවෙන් විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයට ලක් වුණා.

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

"ෆෙරාරිය" දැන් සෑම තැනකම හැප්පෙනවා -රජයේ සල්ලි වලින් රනිල් එංගලන්ත ගිහින්ලු!

ගනේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස කමාන්ඩෝ සමිඳු නමැත්තා යොදා ගෙන තිබූ අතර, ඩුබායිහි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධව, මාලදිවයිනේ සිටින කමාන්ඩෝ සලින්ත නමැත්තා විසින් එම ඝාතනය සංවිධානය කර තිබුණා.

කමාන්ඩෝ සලින්ත විසින් වෙඩික්කරු තෝරා ගැනීමේ කටයුත්ත කමාන්ඩෝ යෝහාන් හෙවත් "යෝ යෝ" නමැත්තාට භාර කර තිබූ අතර, ඒ අනුව යෝ යෝ විසින් කමාන්ඩෝ සමිඳුව මෙම ඝාතනයට සම්බන්ධ කර ගෙන ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

මෙම තොරතුරු හෙළි වූයේ සංජීව ඝාතනයේ මූලික සැලසුම්කරු ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමෙන් පසුවයි.

සංජීව ඝාතනයට පෙර දින, එනම් පෙබරවාරි 18 වැනිදා, සෙව්වන්දි විසින් එකම දුරකථන අංකයකට කිහිප වතාවක් ඇමතුම් ලබා ගෙන තිබූ අතර, එම දත්ත ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළා.

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

 ඒ අනුව, තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ද හමුදාවෙන් පලා ආ කමාන්ඩෝ සාමාජිකයෙකු බවත්, ඔහු සේවයේ යෙදී සිටි කාලයේ "වෙන්ටා" යන නමින් හැඳින්වූ බවත් පොලිසිය සොයා ගත්තා.

කමාන්ඩෝ බළකායේ දක්ෂ වෙඩික්කරුවෙකු වූ "වෙන්ටා" අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන අතර, සෙව්වන්දිගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු හෙළි කර තිබෙනවා.

කමාන්ඩෝ බළකායේ දක්ෂ වෙඩික්කරුවෙකු වූ "වෙන්ටා" අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන අතර, සෙව්වන්දිගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු හෙළි කර තිබෙනවා.

එමෙන්ම, වෙන්ටා විසින් කෙහෙල්බද්දර පද්මේගේ කමාන්ඩෝ පාතාල කල්ලිය ගැන වැඩිදුර කරුණු පොලිසියට හෙළි කර තිබෙනවා.

"සර්, කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත එකතු වෙලා ඝාතන සඳහා වෙනම කල්ලියක් හදාගෙන ඉන්නවා. ඒකේ ගොඩක් අය කමාන්ඩෝ බළකායෙන් පැනලා ගිය අය. ඒ ගොඩ දෙනෙක් අයිස්වලට ඇබ්බැහි වෙලා. සලින්ත එයාලට නොමිලේ අයිස් දීලා තියාගෙන ඉන්නවා. ඒ වගේම සල්ලිත් දෙනවා. සංජීවට ගැහුවා වගේ ගේම්වලට එයාලව යොදවනවා. අයිස් පැකට් එකට ඕනෑම දෙයක් කරන අය එතන ඉන්නවා," යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එන අසේල සම්පත්!

කමාන්ඩෝ යෝ යෝ වැනි තවත් දක්ෂ වෙඩික්කරුවන් රැසක් කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියට එක්ව කටයුතු කරන බවත් වෙන්ටා හෙළි කර තිබෙනවා.

වෙන්ටාගේ තොරතුරු මත විමර්ශන ආරම්භ කළ පොලිසිය, යෝ යෝ නමැත්තා නේපාලය බලා පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත්තා.

28 හැවිරිදි කමාන්ඩෝ යෝ යෝ, මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වසර ගණනාවක් තිස්සේ කමාන්ඩෝ සලින්තගේ සමීපතමයකු ලෙස කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියට සම්බන්ධව කටයුතු කළ බව විමර්ශනවලදී හෙළි වුණා.

"සර්, මට දවසකට රුපියල් 10,000 වගේ අයිස් ඕනේ. මට අයිස් එවන්නේ මැලේසියාවේ ඉන්න සලින්ත. සල්ලි ඕන වුණාමත් දෙනවා. ඒවට හරියන්න ඕනෑම දෙයක් කරනවා," යනුවෙන් යෝ යෝ පොලිසියට පවසා තිබුණා.

නේපාලය බලා යෑමට හේතුව ගැනත් ඔහු මෙලෙස හෙළි කර තිබෙනවා.

හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව දෙන දවස කියයි

හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව දෙන දවස කියයි

"සර්, කමාන්ඩෝ සලින්ත මට තවත් කේස් එකක් දුන්නා. ඒක මෙහේ නෙවෙයි, නේපාලයේ. සලින්තගේ අම්මයි නංගියි එහේ ඉන්නවා. එහේ ඉන්න මිනිහෙක් එයාලට කරදර කරනවා. ඒක ඉවරයක් කරලා දෙන්න කියලා සලින්ත මට කිව්වා. මම ඒකට තමයි යන්න හිටියේ," යනුවෙන් ඔහු පවසා තිබුණා.

මෙවැනි පසුබිමක, දැනට සේවයේ යෙදෙන සහ සේවයෙන් පලා ගිය කමාන්ඩෝ සාමාජිකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරෙනවා.

ReeCha