කැලුම්ට තව දුවෙක් ඕනලු, කැලුම්ගෙන් මම හැමදාම අහනවා මටද පුතාටද ආදරේ කියලා (PHOTOS)

By Sithumi Sep 25, 2022 03:54 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරය හැඩ වැඩ කරන කඩවසම් අහිංසක පෙම්වතා විදියට අපේ ආලින්දයට එන ඔහු කැලුම් ශ්‍රී. ඉතින් අහිංසක පෙම්වතා විදියට කැලුම්ව මේ දිනවල අපිට දැක ගන්න ලැබෙනවා හිරු නාලිකාවේ ‘දිවිතුරා’ ටෙලිනාට්‍යය හරහා වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ඇස්’ ටෙලිනාට්‍යය හරහා. 

ඉතින් පුතෙක් ඉන්න මේ කැලුම් ශ්‍රී තවමත් ආදරය කරන පෙම්වතා විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නවා. ඉතින් කැලුම් ශ්‍රී වෙනත් තරුණියන් සමගින් රගපාන එකට ඔහුගේ බිරිද වන දුලීට කිසිම ඊර්ෂ්‍යාවක් තරහක් නෑ කියලයි ඇය පවසන්නේ. 

ඉතින් කැලුම් සහ දුලී හොද අවබෝධයකින් තමයි දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසාම කැලුම්ට දුලී එක්ක ජීවත් වීම අපහසු නෑ. ඉතින් දෙදෙනාම සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී දුලී කැලුම් ගැන කියලා තිබුනේ මේ විදියටයි. 

 ” මම හැමදාම කැලුම්ගෙන් අහනවා ඔයා මටද පුතාටද වැඩියෙන් ආදරේ කියලා. එය කියනවා දෙන්නටම කියලා. එයාට පුතා ලැබුණේ මම නිසානේ. ඒ හින්දා මට ආදරෙ කරන්න ඕනි. අපි දෙන්නගෙම ජීවිතේ අංක එක අපේ පුතා. කැලුම්ගේ අම්මගෙන් මට ලොකු ආහයෝගයක් ලැබෙනවා බබා බලාගන්න. 

කැලුම්ට ඕනලු දුවෙක් හදන්න. බලනවා ඉතින්.’’ ඉතින් මේ විදියට තමයි කැලුම්ගේ ආදරණීය බිරිද අදහස් දක්වලා තිබුණේ. ඉතින් මේ දෙන්නගේ ආදරණීය පවුලට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.