කෙහලියගේ පුතාට ලෙඩක් නෑ.ඒ නිසා ආයෙත් ඇතුළට
Keheliya Rambukwella
Law and Order
Sinhala news
By Mithu
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස ඔහු පරීක්ෂා කරන ලද ලියාපදිංචි වෛද්‍යවරියක උපදෙස් දී තිබෙන අතර, එසේ රෝහල්ගත කරන ලද රමිත් රඹුක්වැල්ල නැවත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.
ඒ, රෝහල්ගතකර තැබීමට තරම් සෞඛ්‍යමය ගැටළුවකින් ඔහු පීඩා නොවිදින බව ඔහු, පරීක්ෂාවට ලක් කළ වෙනත් වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමෙන් පසුවයි.
ඔහු කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ ගෙන්නවීමේ නඩුවට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණි අවස්ථාවේදී මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.
