කෙහෙළිය බැංකුවෙන් සල්ලි ගන්න ඉල්ලයි! උසාවිය බෑ කියයි

Report

අල්ලස් කොමිසම විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමකට පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

අල්ලස් කොමිසමේ විමර්ශනයකට සම්බන්ධව, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

නමුත් එම තහනම යටතේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප සහ ඔහුගේ නිවස ගිනිගැනීමෙන් සිදු වූ හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට වැඩි වන්දි මුදලක් තැන්පත් කර ඇති පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද ඇතුළත් වී ඇති බවත්, එම ගිණුමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥවරු ඉකුත්දා ඉල්ලා තිබුණි.