පරිසර අමාත්‍යධූරයෙන් කෙහෙළිය ඉවතට. - ධුරය ජනපති අතට.

Keheliya Rambukwella Ranil Wickremesinghe
By Wayomi Feb 06, 2024 08:37 AM GMT
Wayomi

Wayomi

Report

බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති අතර, පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළදී නව පරිසර අමාත්‍යවරයා දිවුරුම් දීමට නියමිතයි.

තමා නිවැරදිකරු බව ඔප්පු වී පවතින නඩුවෙන් නිදොස් වන තුරු සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා අදාල ලිපියෙන් දන්වා ඇත.

මේ වන විට කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිකමෙන් ඉවතට?

කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිකමෙන් ඉවතට?


ReeCha