කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිකමෙන් ඉවතට?

Report

මේ වන විට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති තහවුරු නොකළ රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බන්දනාගාර ගතව සිටින පුද්ගලයකු තවදුරටත් කැබිනට් මණ්ඩයේ තබා ගැනීමෙන් ගැටලු මතුවී ඇති නිසා මෙම පියවර ගනු ඇති බවයි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලන්නේ, රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති රඹුක්වැල්ල වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ඔහු තබාගතහොත් ඉදිරි විමර්ශන වලට බාධා එල්ල විය හැකි බවත්, ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බවත් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරනවා.

                                                                                 Sponsored By Sarrita Jewellery

කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිකමෙන් ඉවතට? | Keheliya Is Out Of The Ministry