CID අධ්‍යක්‍ෂක ධුරයට නැවතත් පත් වූ ශානි අබේසේකර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාලෙස ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
නව රජය පත්වීමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යළි බඳවා ගත් ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර, ඔහු යළිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබෙනවා.

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"
මේ අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වන්නේ.
අම්පාවිල මහතාද අතිවිශිෂ්ඨ විමර්ශකයෙක් වන අතර මීට පෙර අම්පාවිල මහතා ශානි අබේසේකර මහතා යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්.
මේ වනවිට ඇතැම් කණ්ඩායම් ශානි අබේසේකර මහතා ජාතික ජනබලවේගය යටතේ දේශපාලන වේදිකාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විවේචනයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසීමට කටයුතු කරමින් සිටින පසුබිමක අබේසේකර මහතා නැවත රාජකාරි බාරගෙන තිබේ.
කෙසේවෙතත් අබේසේකර මහතා ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය හරහා දේශපාලන වේදිකාවට ගොඩවූයේ එවකට රාජ්‍යසේවයෙන් විශ්‍රාමික නිළධාරියෙකු වශයෙන් ඔහුට හිමි මූලික මිනිස් අයිතිවාසිකම් මතයි.
