මාලිවාව අතින් නොඇල්ලු කෙනෙක්වත් ඉතුරු වෙලා නැහැ - එහෙමයි මේ මාලිමා දේශපාලනය.. - රවි

Ravi Karunanayake Latest Headlines Sinhala news NPP Government Colombo politics heat up
By Shehan Jun 28, 2025 06:28 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව බලය පිහිටුවීමේදී විපක්ෂයේ අධි තක්සේරුව හේතුවෙන් බහුතර පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමේ අවස්ථාව විපක්ෂයට අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, විපක්ෂය නිවැරදිව සාකච්ඡා මාර්ගයට පිවිසුණේ නම්, බොහෝ පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙන්නට තිබූ බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය:

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

“පක්ෂ එකතු වී සාකච්ඡා කළ ආකාරය අපි දුටුවා. ඔවුන් එක් පැත්තකින් කතා කරනවා, අනෙක් පැත්තකින් වෙනත් දේ කරනවා. මෙවැනි අවස්ථාවක බුද්ධිමත්ව කටයුතු කළා නම්, මෙය සාර්ථක වන්නට තිබුණා. නමුත්, සමහරු අධි තක්සේරුවකින් කටයුතු කළා. ඒ නිසා අපි මුල සිටම කිව්වා, අපි මේ ගැන වැඩිපුර කතා කළොත්, ‘කට ඇරපු නිසා මෙහෙම වුණා’ කියයි. එහෙත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපට දැන් කතා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම, ඇතැම් අවස්ථාවල බලය පිහිටුවීමේදී නීත්‍යානුකූල ගැටලු ඇති වුණා. ඒ සම්බන්ධයෙන් අපිත් නීත්‍යානුකූලව කටයුතු කරනවා. නමුත්, මීට වඩා සූදානමින් කටයුතු කළ යුතුව තිබුණා. විපක්ෂයට අවදානම ගැන සලකා බලා කටයුතු කිරීමට තිබුණා.

ඇත්තටම මේ දිනක්ෂිද ? නිල් මානෙල් මලක් වගේ

ඇත්තටම මේ දිනක්ෂිද ? නිල් මානෙල් මලක් වගේ

මුලින් ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ, ‘අපි කිසිවෙකු සමඟ එක් නොවෙනවා’ කියලා. නමුත්, දැන් ඔවුන් එක්ව නැති පක්ෂයක් නැහැ. එදා කී දේ සහ අද කරන දේ එකතු වී වැඩේ සිදු කරලා. ඔවුන් නැවතත් සුපුරුදු දේශපාලනයට පිවිසිලා. සාමාන්‍ය දේශපාලන ගමනක ඔවුන් යනවා. ඒ නිසා, මේක ඡන්ද වේදිකාවලට සීමා වන දෙයක්. මෙය නාමික එකතුවීමක් නොවෙයි, ප්‍රායෝගික එකතුවීමක්. විපක්ෂය හිතනවා, ඔවුන්ගේ ආකාරයටම සියල්ල සිදුවෙයි කියලා. ඔවුන් එසේ අධි තක්සේරුවකින් කටයුතු කළ නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ.”

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

ReeCha