සෞඛ්‍ය ඇමතිගෙන් මුළු රටටම සුබ ආරංචියක්..

Healthy ministry Keheliya rabukwella
By Aruna Oct 27, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව බහු ආංගික උපාය මාර්ග ඔස්සේ ක්ෂය රෝගය පාලනය කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැපවී සිටින බව ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණු පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂිකව මෙරටින් රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බව එහිදි පවසා තිබේ.

බන්ධනාගාර ගත වුවන්, වතුකර, නාගරික දිළිදු ජනතාව, අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයින් මෙහි අවදානම් කණ්ඩායම ලෙස හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.