මොකක්ද මේ කෙහෙලිය කියන කඩාකප්පල්කාරී ක්‍රියාව.. කෙහෙලියගෙන් ඉගියක්.. (VIDEO)
සංවිධානාත්මක පිරිසක් සැප්තැම්බරයේදී වර්ජන මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ සැලැස්මක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ
"ස්ථාවර රටකට සැවොම එකමඟකට" මැයෙන් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.
ප්‍රශ්නය - වෛද්‍ය සැපයීම් අංශයට 2021දී මිලියන ගණනක් වියදම් කරලා ස්ථාපිත කරපු තොරතුරු පද්ධතිය ආපහු අලුතින් රු.මිලියන 100ක් වියදම් කරලා ඇයි හදන්නේ? මොකක්ද මේ වැඩපිළිවෙළ ?
මොකක්ද ඒකට හේතුව? සෞඛ්‍ය අමාත්‍යවරයා - Delete button එක එබිලා පද්ධතිය නැති වුණාලු. දුරකථනයෙනුත් Delete කරන්න දෙපාරක් අහනවා. එවැනි සරල දෙයක් වෙන්න බැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.
ප්‍රශ්නය - අපිට ලොකු සැකයක් තියෙනවා ඇයි පරීක්ෂණ මෙච්චර කල් යන්නේ?
සෞඛ්‍ය අමාත්‍යවරයා - මටත් සැකයි, ඒකයි පරීක්ෂණ CIDඑකට භාරදුන්නේ. ප්‍රශ්නය - වෛද්‍ය සැපයීම් අංශය යථා තත්ත්වයට පත්වෙන්න කොච්චර කල් යයිද?
සෞඛ්‍ය අමාත්‍යවරයා - මේ වසර අවසන් කිරීමට පෙර සම්පූර්ණ කරනවා. සංවිධානාත්මක කණ්ඩායම් කඩාකප්පල් කිරීමේ උත්සාහයක සැප්තැම්බරයේ වැඩවර්ජන දියත්වන බවට තොරතුරු තියෙනවා.