මාලිමාවේ නාගරික මන්ත්‍රීවරයෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග - හේතුව මෙන්න

Report

කබානා ව්‍යාපෘතියක් සඳහා රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් වංචා කර විශ්වාසය කඩ කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) අත්අඩංගුවට ගත් කෑගල්ල මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක් එළඹෙන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ අද (01) දින නියෝග කළ බව සඳහන්.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කසුන් මධුසංඛ බණ්ඩාර (34) නමැති කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසය නියෝජනය කරන අයෙක් බව වාර්තා වේ.

අඳාළ සැකකරු අද (01) දින උදෑසන 10:25ට පමණ කෑගල්ල - යට්ටෝගොඩ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර පස්වරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු බව පවසයි.

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන රමේෂ් තිලාන් නම් අයෙක්.

ඒ අනුව මොහු මුලින්ම කෑගල්ල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එහිදී පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා කර තිබුණ බව සඳහන්.

අනතුරුව පොලිසිය මඟින් මෙම සිද්ධිය කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් කර ඇත.

එබැවින් එම කාර්යාංශය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සිද්ධිය බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා කර තිබූ බව සඳහන්.

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

අඳාළ පැමිණිල්ලේ තමාට අයත් කෑගල්ල දීවෙල මාර්ගයේ මිනුවන්ගමුව ප්‍රදේශයේ ඇති ඉඩමක කබානා ව්‍යාපෘතියක් සකස් කර දීමට යැයි කියමින් මෙම සැකකරු රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් තමාගෙන් ලබාගෙන එය ඉදිකර නොදී වංචා කර එම මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු එළඹෙන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තබා ඇති බව සඳහන්.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න