කෑ ගල්ල මාරක.රිය අනතුරේ නවතම.තොරතුර..

By Sithumi Sep 10, 2022 02:08 PM GMT
Sithumi

Sithumi

Report

තිදෙනෙකුට දිවි අහිමි කරමින් කෑගල්ල රංවල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරේ සැකකාර වෑන් රථ රියදුරව සැප්තැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා නියෝග කළේය. පොලීසිය පැවසුවේ, 20 හැවිරිදි තරුණයෙකු පැදවූ වෑන් රථයක් මාර්ගයේ අනෙක් පසින් පැමිණි යතුරුපැදි තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවය.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී 10.30ට පමණ මෙම අනතුර සිදුවිය. ඒ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට නියමිත මන්තීරුවේ පැමිණි යතුරුපැදි තුනක ගැටීමෙනි. අනතුරින් යතුරුපැදි තුන ධාවනය කළ තිදෙනා හා පසුපස ගමන්කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු සහ පසුපස ගමන් කළ අයෙක් මියගිය බව පොලීසිය පැවසීය.

අනතුරින් මියගියේ මොහොමඩ් මිෆ්ලාල්, මොහුමුස් රහුම් සහ මොහොමඩ් මනාසික් යන 27 හැවිරිදි වියෙහි පසු වූ තරුණයන් තිදෙනෙකු වන අතර ඔවුන් තුල්හිරිය හා වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. අනතුරින් අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා කෑගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලීසිය පැවසුවේ, වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවය. සැකකාර රියදුරු 20 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ReeCha