මේ හාල් අරගෙනත් ඉවරයි - දැඩි හිඟයත් සමඟ මිල රු 400 පනී

Report

වෙළඳපොළේ මේ වන විට කිරි සම්බා සහල් වෙනුවෙන් දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගන බව වාර්තා වේ.

එසේම පවතින සහල් හිඟය හමුවේ ඇතැම් වෙළඳුන් කිරි සම්බා කිලෝවක් රුපියල් 400 ඉක්මවූ මිලකට අලෙවි කරන බවට ද චෝදනා පවතී.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා ප්‍රකාශ කළේ, කිරි සම්බා සඳහා පවතින පාලන මිල ඉවත් කරන්නේ නම් සහල් මිල ඉහළ යාම යම් මට්ටමකට පාලනය කළ හැකි බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට පවතින පාලන මිල පනවා ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවයි.

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

තවද කිරි සම්බා කිලෝවක් රුපියල් 260ක මිලකට ලබා දීමට නම්, ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල සහ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ආකාරයට අඩු විය යුතු බව ද ඔහු පවසයි.

ඊට අමතරව සහල් මෝල් සඳහා වැය වන විදුලි පිරිවැය ද ඉහළ මට්ටමක පවතින බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සහල් නිෂ්පාදකයෝ අවධාරණය කරන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පැරණි මිල ගණන් යටතේ සහල් ලබා දීම ප්‍රායෝගික නොවන බැවින්, වෙළඳපොළේ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි.

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්