තාත්තා කෙනෙක් දුව පරිස්සම් කරනවා වගේ බුද්ධික මාව බලාගන්නවා, ඔහු කාන්තාවන්ට ගොඩක් ගරු කරන කෙනෙක්-කාවින්ද්‍යා දුල්ෂානි(PHOTOS)
නිරන්තරයෙන්ම පුංචි තිරය හරහා මෙන්ම මියුසික් වීඩියෝ හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියලා කියන්නේ. ඒ වගේම ඇය ප්‍රථම වතාවට රඟපෑ චිත්‍රපටය වන උතුරු සුළඟ මේ දිනවල තිරගත වෙනවා. ඉතින් එහි ප්‍රධාන චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය මේ වනවිට පෙම්වතියක් බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ළඟදීම යුග දිවියට යන්න ඉන්න ඇයගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට අමුත්තකු නම් නොවෙයි.
ඔහු ගී පද රචකයකු වගේම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව ගැනත් ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැනත් කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් කාවින්ද්‍යාව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඇයගේ ජීවිතේ හොඳම කාලය ගෙවෙනවා කියලයි කාවින්ද්‍යා නම් කියන්නේ.
ඒ වගේම ඇයගේ ආදරණීය පෙම්වතා තමයි බුද්ධික ජයවර්ධන. ඉතින් ඔහු ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වෙන්නෙ මෙල්බර්න් නුවර. ඒත් එක්කම විනෝදාංශයට ඔහු ගීත රචනා කරනවා කියලත් ඇය කියනවා. ඉතින් මේ දෙන්නා හමුවෙලා තියෙන්නෙත් ගීතයක රූප රචනාවක් වෙනුවෙන් ෂූටිං ගිහින් ඉන්න වෙලාවකදීයි. ඒ වගේම දමිත් අසංකගෙ අලුත්ම ගීතයේදී. ඉතින් ඒකෙ රූප රචනයට සම්බන්ධ කර ගන්න බුද්ධික ඇයට කතා කරළා ඉන්පසුව ඇතිවූ දැන හඳුනා ගැනීම එක්ක තමයි මේ දෙන්නගේ ආදර කතාවක් පටන් අරගෙන තියෙන්නේ.
![Gallery](https://cdn.ibcstack.com/article/164b4a58-f0d8-467b-a165-9fb7c26d858e/23-643ac69fa5ed4.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/fccd5d48-77fc-43d1-a0f4-581c0fc5778d/23-643ac6a020b89.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/3fe93ada-0023-4533-9086-fd9911ef3bee/23-643ac6a07efeb.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d72c4912-0252-403d-afdc-2f070f499c4c/23-643ac6a0d4087.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/5b681bad-b559-47a0-bcfd-264188c41d7b/23-643ac6a133583.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/3558d1c4-06d6-4028-963f-15f31824f31b/23-643ac6a1975cd.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)