ඔයා නෝටි වැඩ කරත් ඔයාව නාවලා පව්ඩර් දාලා මම බලාගත්තේ කවී බුකිය කලඹයි [PHOTO]
රටම ආදරය කරන ජනප්‍රිය ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ.එයාගේ ආදරණීය දරුවන් දෙදෙනාත් එක්ක ඇය ගත කරන්නේ හරිම ලස්සන ජිවිතයක්.
පවුලේ ලොකු දුව වුන කාවින්ද්‍යා අධිකාරී එයාගේ මල්ලිට ගොඩක්ම ආදරෙයි කියන එක එයාගේ රසිකයෝ හැමෝම දන්න දෙයක්.
අන්න ඒක තවත් තහවුරු වෙන විදිහට හරිම ආදරණිය පෝස්ටුවක් කාවින්ද්‍යා විසින් තමන්ගේ මුහුණු පොතේ පල කරලා තියෙනවා.
ඒ එයාගේ ආදරණිය චූටි මල්ලිට එයාගේ උපන්දිනය වෙනුවෙන් පල කරපු පෝස්ටුවක්
🌸මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ... ඔයා මේ ලෝකෙට ඉපදුන දවසේ ඉඳන් අම්මි වැඩියෙන් බලාගත්තට, අක්කිට තේරෙන දවසේ ඉඳන් ඔයාව නාවලා, කවලා, පවුඩර් දාලා, සුවඳ බබෙක් වගේ අම්මි එක්කම මම කොච්චර පරිස්සම් කරන්න ඇති ද... ඔයා naughty වැඩ කරලා අක්කි බැන්නත්, අනිත් පැත්තට කාමරේට ගිහින් අඬපු වාර අනන්තයි. ඔයාට ආදරේ වැඩී මම, ඒක හැමදාටම එහෙමයි! අම්මි ගෙ බන්ඩියෙන් ආවට ඔයා තමයි මගේ පළවෙනි බබා❤️ මම හැමදාම ඔයාව පරිස්සම් කරනවා... ලොකු වෙන්න වෙන්න අක්කිට ටිකක් දුරයි ඔයා දැන්. ඒත් අක්කි හැමදාම ඔයාට ලඟයි ❤️ ඉතින් අද දවසේ ඔයා ප්‍රාර්ථනා කරන, ඉදිරියට ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම හරියන්න ඕනෙ, අක්කි හැමදේම ගැන බලාගෙන ඉන්නවා ගොඩක් ආදරෙන්!🌸
-අක්කි-