රුහුණු කතරගම මහා දේවාලයේ අද සිට සිදුවන විශේෂ දේ ගැන සුබ ආරංචියක්.!!!

Sri Lanka
By Aruna Jul 29, 2022 05:12 AM GMT
Aruna

Aruna

Report

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය අද සිට ආරම්භ වනවා.

ඒ අනුව පස්වරුවේ පළමු පේලි පෙරහැර වීදි සංචාරය කරන බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් කුලසේකර මහතා පැවසුවේ.

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් මහා පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේ අගෝස්තු මස 11 වනදා රාත්‍රියේදීයි.

පසුදින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් මෙවර ඇසළ මහා මංගල්‍යය නිමාවට පත් වනවා.

මේ අතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍යයේ කප්සිටුවිම අද සිදු කෙරෙනවා.

අවසන් රන්දෝලි පෙරහැර ලබන 11 වැනි දින පැවැත්වෙන අතර වසර දෙකකට පසුව මෙවර පෙරහැර උත්කර්ශවත් අන්දමින් පැවැත්විමට කටයුතු යොදා ඇති බවයි දෙවිනුවර බස්නායක නිළමේ තිළිණ මධුෂංක මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now