මේ වගේ මිනිහෙක් ඉස්සරහා මගේ කොන්ද නැමෙන්නේ නෑ. අරගලය මලින් සැරසූ කසුන්සලා යළිත් බුකිය උණුසුම් කළ හැටි. (PHOTOS)

Galle Face Protest Sri Lankan protests
By Sithumi Apr 21, 2022 05:23 PM GMT
Sithumi

Sithumi

Report

නූතන අරගලය අර්ථවත් කළ නමින් කසුන් සලා ගිම්හානි. අන්තර් විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සිදුකළ විරෝධතාවයකදී පොලිස් නිලධාරීන් වෙතත් සිය පන්තිය පිළිබඳව අවධාරණයට ලක් කරමින් මලක් ලබාදුන් ලබා දුන් ඇය නැවතත් අද සමාජ මාධ්‍ය තුළ තුළ දැඩි කතාබහට කතා බහට ලක්වන චරිතයක් බවට පත් වී තිබෙනවා 

ඊට හේතු වූයේ අද දින මංගල සමරවීර මහතා ගේ උපන් දිනය වෙනුවෙන් පවත්වනු වැඩසටහනක දී කසුන් සලා එදා සැරසී සිටි ඇඳුමෙන්ම සැරසී සිටින තරුණියක් එම ස්ථානයට පැමිණි දේශපාලඥයන්ට මලක් ලබා දීමයි

 ඇතැම් ෆේස්බුක් පිටුවල එම ස්ථානයේ සිටින්නේ කසුන් සලා බව අඟවන්නට උත්සාහ කළ අතර ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ අවධාරණය කලා එම සටහන පහතින්.,

උපුටා ගැනීම 

මම මේ වෙනකල් ඒ රෝස මල දීපු photo එක මගෙ profile එකෙන් post එකක් විදියට දැම්මෙ නැ. හැබැයි ඒ photo එක tag කරලා ඇති ගොඩක් අය. අද මේ සටහන ලියන්නෙ ඔය පහත තියෙන photos දෙක වෙනුවෙන්. 

 01) හරින් ට ඒ කහ මල දෙන ඇය කව් ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි වැරදිලාවත් ඒ වගේ දේශපාලන මතයක් දරන මේ රටේ මිනිස්සු 200 කට අධික ප්‍රමාණයක් මරනකල් බලන් හිටපු සහ අදටත් වසර 3 ක් වෙලත් විලි ලැජ්ජාවක් නැතිව අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාලා බීලා ජොලි කරන මේ වගේ මිනිහෙක් ඉස්සරහ මගෙ කොන්ද නැමෙන්නෙත් නෑ කියලා කියන්න කැමති.

2) ඇයට කියන්න කැමති මේ ටික. සහෝදරී ඒ මල මම එදා දුන්නෙ හේතුවක් ඇතිව. කාගෙ පන්තියට ද , කාට ද කියලා ඔබ තේරුම් අරන් නැහැ. ඒ නිසා වෙන අයගෙ තිර පිටපත් වලට රඟපානකොට පරිස්සමින්.


GalleryGalleryGalleryGalleryGalleryGallery