මුස්ලිම් මෘත දේහයක් නිසා කරාපිටිය රෝහලේ අවදානම් තත්ත්වයක් (VIDEO)
hospital
Karapitiya
critical
By Thaya
මුස්ලිම් ජනතාවගේ දේහයන් මේවන විට ආදාහනය කරනවද නැති ද යන කතිකාවත් සමගින් ගාල්ල කරාපිටිය රෝහලේ මේවන විට මුස්ලිම් මල සිරුර එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තුරු පස්චාත් මරණ කටයුතු සහ අධිකරණ කටයිතුවලින් වැලකි සිටීමට එම රෝහලේ වෛද්‍ය ඒකකය තීරණය කර තිබෙන බව මාගල් ගන්නේ සුදන්ත හිමියන් පවසනවා.
නිරෝධායන නීතිරීතිවලට අනුකුලව මෙම අදහන කටයුතු සිදු කරන ලෙසට රෝහල් බලධාරීන් පැවසුවද ගාල්ල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් පසු කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මෙන්ම සුළු සේවකයන්ගේ ජිවිතවලට හානියක් සිදුවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මාධ්‍ය හමුවක් අමතමින් මාගල් ගන්නේ සුදන්ත හිමියන් මේ පිළිබඳව කරුණු පහදා දුන්නා.